තවද අප තේමාත්මක ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාත්මක කරන ලද බහුවිධ ව්‍යාපෘති දියත් කර ඇත:, මද්‍යසාර මත්ද්‍රව්‍ය සහ සංවර්ධනය (මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම සහ ඒ ආශ්රිත හානි); ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම; සහ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය වැළැක්වීම, ඒ අතර වේ. මෙම ප්රයත්නයන් වඩාත් සුරක්ෂිත සහ වඩා තිරසාර සමාජයක් ඇති කිරීම සඳහා හවුල් භූමිකාවන් මෙන්ම වගවීමේ භාවිතයන් සමඟ සත්කාර සංස්කෘතියක් ගොඩනැගීමේ අවසාන ඉලක්කය වෙත ඒකාබද්ධ වේ.
සංවිධානයක් ලෙස FISD හි සමස්ත ඉලක්කය වන්නේ සවිබල ගැන් වූ ප්‍රජාවන් ගොඩනැගීම වෙනුවෙන් දිරි ගැන්වීම ට සහ සහාය දීම සදහා ප්‍රජා නායකයන්, සේවා සපයන්නන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ පාර්ශවකරුවන් වශයෙන් සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරමින්, කාන්තා සහ ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීම වන අතර මෙම අයිතිවාසිකම් ඇති විට ළමයින් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සහ සහාය දීම මෙන්ම මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වන හානි සීමා කිරීම වේ.