අපේ ගමන

2009 වසරේ ආරම්භ වූ FORUT (1980 සිට 2011 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ නෝර්වීජියානු INGO ආයතනයක්) වැඩසටහනේ චක්‍රයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් FISD ආයතනය 2011 ජුලි මාසයේදී පිහිටුවන ලදී. සමාජ වෙනසක් ඇති කිරීම අරමුණු කර ගනිමින්, නව්‍ය ආකෘතීන් පරීක්‍ෂා කරමින් දිස්ත්‍රික්, ජාතික හා ජාත්‍යන්තර මට්ටම් දක්වා බිම් මට්ටමේ ජනතාව සමඟ සෘජුව ක්‍රියා කරන, ප්‍රමුඛ පෙළේ ජාතික සිවිල් සමාජ සංවිධානයක් ලෙස අද අප සාඩම්බරයෙන් නැගී සිටියි. පසුගිය දශකය දෙස ආ පසු හැරී බලන විට, FISD ආයතනය සමාජ වෙනසක් ඇති කිරීම සඳහා ශක්‍ය ආකෘතීන් සහිත, බිම් මට්ටමේ සිට පරීක්‍ෂා කරන ලද සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම ට පෙනී සිටීම සඳහා සාක්ෂි ලෙස භාවිතා කරන දැනුම කේන්ද්‍රස්ථානයක් (සහ ක්‍රියාකාරී node) දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කිරීම සතුටට කරුණකි.. එසේම අප විසින් මෙම ආකෘති ජාතික මෙන්ම ජාත්‍යන්තර සිවිල් සමාජ සංවිධාන සහ ජාල සමඟ බෙදා ගැනීම සිදු කරයි.

2011 ජුලි මාසයේ සිට, එනම් අප ආයතනය ආරම්භ කළ දා සිටම, සමාජ සංවර්ධන (ශ්‍රී ලාංකේය සමාජය තුළ සහ ඉන් ඔබ්බට) ප්‍රගතියට සහ මිනිස් ජීවිත සවිබල ගැන්වීමට පහසුකම් සැලසීමේ අරමුණින් අපි වෙහෙස නොබලා වැඩ කර ඇත්තෙමු. අපගේ ප්‍රයත්නයන් ඉලක්ක කර ඇත්තේ සමාජ අසාධාරණය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ සමස්ත ජීවන තත්ත්වය පිරිහීම සඳහා දායක වීමට බලපාන ප්‍රමුඛ පෙළේ සාධක ලෙස සැලකෙන ගැටළු විසඳීමයි.

තවද අප තේමාත්මක ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාත්මක කරන ලද බහුවිධ ව්‍යාපෘති දියත් කර ඇත:, මද්‍යසාර මත්ද්‍රව්‍ය සහ සංවර්ධනය (මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම සහ ඒ ආශ්‍රිත හානි); ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම; සහ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම, ඒ අතර වේ. මෙම ප්‍රයත්නයන් වඩාත් සුරක්ෂිත සහ වඩා තිරසාර සමාජයක් ඇති කිරීම සඳහා හවුල් භූමිකාවන් මෙන්ම වගවීමේ භාවිතයන් සමඟ සත්කාර සංස්කෘතියක් ගොඩනැගීමේ අවසාන ඉලක්කය වෙත ඒකාබද්ධ වේ.

සංවිධානයක් ලෙස FISD හි සමස්ත ඉලක්කය වන්නේ සවිබල ගැන් වූ ප්‍රජාවන් ගොඩනැගීම වෙනුවෙන් දිරි ගැන්වීම ට සහ සහාය දීම සදහා ප්‍රජා නායකයන්, සේවා සපයන්නන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ පාර්ශවකරුවන් වශයෙන් සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරමින්, කාන්තා සහ ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීම වන අතර මෙම අයිතිවාසිකම් ඇති විට ළමයින් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සහ සහාය දීම මෙන්ම මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වන හානි සීමා කිරීම වේ.

අපගේ ලිපිනය

95/10, බෝධිය පාර,
මිරිහාන, නුගේගොඩ
ශ්‍රී ලංකාව

දුරකථන අංකය

+94 (0) 11 2779665
+94 (0) 11 2779172

විවෘත කරන වේලාවන්

8.30am – 4.30pm