අපි කවුද?

හැඳින්වීම

නවෝත්පාදන සමාජ සංවර්ධනය සඳහා පදනම (FISD) යනු ශ්‍රී ලංකාව පදනම් කරගත් ගුණාත්මක සමාජ සංවර්ධනය සඳහා කැපවී සිටින රාජ්‍ය නොවන සංවිධානයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ තත්ත්වය ඉහළ නැංවීම, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය වැළැක්වීම සහ මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර ජීවන රටාවක් ඇති කිරීම සඳහා සමෝධානික සාකල්‍ය ප්‍රවේශයක් හරහා සමාජ සංවර්ධනය සඳහා අපි කටයුතු කරන්නෙමු.

අපගේ මූලික වටිනාකම් වන්නේ සමානාත්මතාවය, නවෝත්පාදනය (සාක්ෂි මත පදනම් වූ, නිවැරදි පදනම,) සහ යුක්තිය; වේ. එසේම තිරසාර වෙනසක් සඳහා අවශ්‍ය සහභාගීත්වය දිරිමත් කරන අතරම, ආන්තිකකරණයට ලක් වූවන් සහ වින්දිතයින් මෙන්ම ප්‍රජාවන් සවිබල ගැන්වීමෙහි ලා අපගේ ඉලක්ක සපුරා ගැනීමට මේ සියල්ල අපට උපකාර කර ඇත.

null

දැක්ම

ගතික ශ්‍රී ලංකාවක් තුළ බලමුළු ගන්වන ලද ප්‍රජාවන් අයිතිවාසිකම්, යුක්තිය සහ සාධාරණත්වය භුක්ති විඳිති.
null

මෙහෙවර

බලමුළු ගැන්වූ සහ ගතික සිවිල් සමාජයක් තුළ යුක්තිය සහ සාධාරණත්වය සමඟ තිරසාර සංවර්ධනයක් කරා වැඩ කිරීමට [ප්‍රජාව, රාජ්‍ය සහ පෞද්ගලික] පාර්ශවකරුවන් තුළ ධාරිතාව ගොඩනැගීම සඳහා වූ නව්‍ය විසඳුම් සැපයීම.

අර්ථාන්විත ක්‍රමවේදයන් සහ භාවිතයන් තුළින්, කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම ළමා සංවර්ධනය සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමට සහ මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් සඳහා ප්‍රජාවන් බලමුලු ගැන්වීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි සහාය දෙමු.

අපගේ ලිපිනය

95/10, බෝධිය පාර,
මිරිහාන, නුගේගොඩ
ශ්‍රී ලංකාව

දුරකථන අංකය

+94 (0) 11 2779665
+94 (0) 11 2779172

විවෘත කරන වේලාවන්

8.30am – 4.30pm