නවතම පුවත්

මාතර දිස්ත්‍රික්කයට සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට බලපෑ විනාශකාරී ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, විපතට පත් ජනතාවට වියළි සලාක සහ පාසල් ලිපි ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා පුළුල් සහන ව්‍යාපෘතියක් අප ආයතනයේ මැදිහත් වීමෙන් සිදු කරන ලදී.

ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි බලපෑම් එල්ල වූ අතර, මාතර දිස්ත්‍රික්කය තුළට එමගින් සැලකිය යුතු බලපෑමක් එල්ල විය. ගංවතුර හේතුවෙන් පවුල් 2,906 ක් පමණ සෘජුවම පීඩාවට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු පවුල් සංඛ්‍යාවක් ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළ කොටු වී ඇත. මේ හරහා නිවාස 20 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 584 කට පමණ සැලකිය යුතු හානි සිදු වී ඇත. එම පවුල් සදහා හදිසි නවාතැන් ද ලබා දීමට අදාළ බලධාරීන් කටයුතු කොට ඇත.

මෙහිදී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ආහාර, පිරිසිදු ජලය, මදුරු දඟර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, මෙන්ම හානියට පත් පාසල් සහ නිවාස පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ සම්පත් ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා හඳුනා ගන්නා ලදී. ඒ අනුව ගංවතුර හේතුවෙන් දැඩි ලෙස බලපෑම එල්ල වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරට තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, සහ අකුරැස්ස සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඔවුන් තීරණය කොට ඇත.

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර අර්බුදයට ප්‍රතිචාර වශයෙන් සම්පත් බෙදා හැරීම හරහා විපතට පත් ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට සහනයක් ලබා දීමට හැකියාව උදා වී ඇත. එමෙන්ම ඒ හරහා බොහෝ පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධ උත්සාහයන් මෙන්ම එමගින් හඳුනාගත් අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමේ ඉලක්කගත ක්‍රියාවලියට දායක වීමේ හැකියාව ලැබී ඇත. මේ අනුව බලපෑමට ලක් වූ ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට උත්සාහ කරන බැවින් අඛණ්ඩ සහාය සහ ප්‍රගතිය සහතික කිරීම සඳහා ප්‍රජාව සමඟ සම්බන්ධව සිටීමට සහ සම්බන්ධ කර ගැනීමට අඛණ්ඩව උත්සාහ කිරීම වැදගත් වේ.