මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍යවල බලපෑම යන්න සමාජයේ සෑම ප්‍රදේශයකටම සම්බන්ධ වන්නක් වේ. තනි පුද්ගලයෙකුගේ ජීවිතයේ සිට පුළුල් සමාජය දක්වා, මත්පැන් සහ මත්ද්‍රව්‍ය මිනිස් හැඟීම් සහ ඒවා භාවිතයන්ට බලපායි. මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය සමාජ ප්‍රවර්ධනයන් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන අතර සෑම වයස් කාණ්ඩායමකම පුද්ගලයන් මෙම ධනාත්මක සමාජ සම්මතයන් මගින් නිර්මාණය කරන ලද ධනාත්මක අපේක්ෂාවන් වර්ධනය කර ගන්නා අතර එමඟින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය පරිභෝජනයට තවත් වටිනාකමක් එක් කරයි. මේවාට ආමන්ත්‍රණය කළ යුත්තේ සමාජයේ ස්ථාපිත සමාජ සම්මතයන් හා සාරධර්මවලට අභියෝග කිරීම සහ ඒවා බිඳ දැමීමෙනි.

අපේක්ෂාවන්ට අභියෝග කිරීමට ප්‍රජාවන් සවිබල ගැන්වීම:
අපේක්ෂාවන්ට අභියෝග කිරීමට ප්‍රජාවන් සවිබල ගැන්වීම හරහා, සමාජය තුළ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම ට අදාළ හේතු ප්‍රශ්න කිරීමට උපකාරී වේ. එපමණක් නොව, විවිධ වයස් කාණ්ඩ ඉලක්ක කරගත් සමාජ ප්‍රවර්ධනයන් සහ ප්‍රවර්ධන උපාය මාර්ග අභියෝගයට ලක් කළ යුතු අතර ඒවා ප්‍රශ්න කළ යුතුය. මත්ද්‍රව්‍ය පරිභෝජනයට වටිනාකමක් එකතු කරන සමාජ සම්මතයන්ට අභියෝග කිරීම සහ ප්‍රශ්න කිරීම මගින් සිදු වන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමයි. එබැවින් මෙම වැඩ පිළිවෙල මෙහෙයවීමට ප්‍රජාවන් සවිබල ගැන්වීම හරහා සමාජය තුළ මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමේ අයිතිය නැවත ලබා ගැනීම ට උපකාරී කරයි. තවද එය ඔවුන්ගේම වගකීමක් බවට පත් වන විට එය වැළැක්වීම ට සහ ඒ වෙනුවෙන් පවතින අභියෝගාත්මක අපේක්ෂාවන් ක්‍රියාවට නැංවීම සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය කොතෙක් දුරට, මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිවාරණයේ වැඩසටහන් සදහා ඵලදායිද යන්න තේරුම් ගැනීමට ප්‍රජාවන්ට උපකාර වනු ඇත.

ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා අප භාවිතා කරන ප්‍රධාන උපාය මාර්ග

අධ්‍යාපනය සහ දැනුවත් කිරීම: මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය සමාජ ප්‍රවර්ධනය සහ එහි බලපෑම් මෙන්ම එහි අවදානම් පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. අධ්‍යාපනික මුලපිරීම් වෙනුවෙන් වැඩමුළු, ප්‍රජා සංවාද, සහ හානිකර සමාජ සම්මතයන්ට අභියෝග කරන, නිරෝගී පෞරුෂයන් ප්‍රවර්ධනය කරන ව්‍යාපාර ඇතුළත් වේ. FISD විසින් හදුන්වා දුන් “ප්‍රීතිමත් පවුල්” ප්‍රවේශය තම පවුලේ සන්තෝෂයට ප්‍රමුඛත්වය දීම කෙරෙහි අවධානය යොමු කරයි. එමඟින් පවුලේ සතුට පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට පසුබිමක් නිර්මාණය වේ.

නිපුණතා ගොඩනැගීම සහ ධාරිතා සංවර්ධනය: මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ප්‍රජාවන්ට ඔවුන්ගේ කුසලතා ඉස්මතු කිරීමට සහ ඒවා වැළැක්වීම සඳහා භාවිතා කිරීමට උපකාරී වේ. තාර්කික චින්තනය සහ නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාව, අපේක්ෂාවන් ප්‍රශ්න කිරීමේ හැකියාව සහ වඩාත් වගකීමෙන් තෝරා ගැනීමේ අයිතිය මෙම වැඩසටහන මගින් ශක්තිමත් වේ.

ළමුන් සහ තරුණයින් සම්බන්ධ කර ගැනීම: පුද්ගලයාගේ සිට පුළුල් සමාජය දක්වා ප්‍රවේශ වෙමින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් විවිධ මට්ටම් හරහා ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන ද්‍රව්‍ය ළමුන් සහ තරුණයින් ඉලක්ක කරයි. එබැවින්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ළමයින් සහ තරුණයින් ඉලක්ක කරනු ලබන මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සදහා සක්‍රීයව බලපෑම් කිරීම සහ ඒවා වැළැක්වීම සඳහා ක්‍රියා කිරීමට යොදා ගැනීමයි.

ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම: වත්මන් ජාතික සන්දර්භයන් විශ්ලේෂණය කිරීම මගින් වඩා හොඳ නීති, යාන්ත්‍රණ සහ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ සීමාවන් සඳහා පෙනී සිටීම යෝජනා කෙරේ. තවද, ADD වැඩසටහන මගින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ බලයලත් නිලධාරීන්ට මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පහළ සිට ඉහළ ප්‍රවේශයක් ඔස්සේ ප්‍රජාවන්ගේ හඬ නියෝජනය කරමින් බලපෑම් කරනු ලබයි.

අපගේ ලිපිනය

95/10, බෝධිය පාර,
මිරිහාන, නුගේගොඩ
ශ්‍රී ලංකාව

දුරකථන අංකය

+94 (0) 11 2779665
+94 (0) 11 2779172

විවෘත කරන වේලාවන්

8.30am – 4.30pm