ගෝලීය සහ කලාපීය ජාල
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සංවර්ධන ජාලය (GADNet) සඳහා වැඩබලන ලේකම් කාර්යාලය ලෙස අපගේ කාර්යභාරය සහ මෙහෙවර තවදුරටත් ශක්තිමත් වන අතර අපගේ බොහෝ මුල පිරීම් මෙම ජාලය හරහා සිදු කෙරේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුත්තිය උදෙසා පිරිමින් සමඟ වැඩ කිරීමේ සංසදය (ජාතික සහ කලාපීය), සෑම දරුවෙකුටම පවුලක් සඳහා වූ ජාලය (කලාපීය සහ ගෝලීය), ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය වැළැක්වීමේ ජාලය, ළමුන්ට එරෙහි හිංසනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සහ සම්බන්ධීකරණ කණ්ඩායම, මද්‍යසාර නිවාරණය සඳහා වූ ශ්‍රී ලංකා මද්‍යසාර හා ප්‍රතිපත්ති සන්ධානය, ආසියානු පැසිපික් කලාපීය මද්‍යසාර හා ප්‍රතිපත්ති සන්ධානය ඇතුළුව, අපගේ මෙහෙවර සඳහා බොහෝ මුල පිරීම්වලට අපට උපකාර කළ අපගේ හවුල්කරුවන්ව විශේෂ පිළිගැනීමකට ලක් කරනු ලබන අතර අප ණයගැතිවේ.


ස්ත්‍රී පුරුෂ සමාජභාවීය යුත්තිය උදෙසා පිරිමින් සමඟ වැඩ කිරීමේ සංසදය
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය


සෑම දරුවෙකුටම පවුලක්
ජාතික ක්‍රියාකාරී සහ සම්බන්ධීකරණ කණ්ඩායම (NACG)


ගැහැණු ළමයින් මනාලියන් නොවේ
පොදුරාජ්‍ය මණ්ඩලීය 8.7

ශ්‍රී ලංකා මධ්‍යසාර ප්‍රතිපත්ති සන්ධානය/ආසියානු පැසිපික් මධ්‍යසාර ප්‍රතිපත්ති සන්ධානය
FISD, අපගේ ADD වැඩසටහන හරහා, SLAPA ශ්‍රී ලංකා මධ්‍යසාර ප්‍රතිපත්ති සන්ධානයෙහි ආරම්භක සාමාජිකයෙකු වන අතර 2015 සිට එහි ඒකාබද්ධ සංවිධායක වේ. SLAPA ශ්‍රී ලංකා මධ්‍යසාර ප්‍රතිපත්ති සන්ධානය ස්ථිරව පිහිටුවා ඇති අතර ජාතික සහ දිස්ත්‍රික් මට්ටම් දෙකෙහිම ඵලදායී මධ්‍යසාර ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම, සම්මත කිරීම සහ/හෝ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටියි.