නවතම පුවත්

ශ්‍රී ලංකා ජාතික ළමා සභාව (NCC) යනු ළමා අයිතිවාසිකම් සහ ළමා සහභාගීත්වය පිළිබඳ සක්‍රීය ලෙස කටයුතු කරමින් ළමයින්ගේ හඬ පුළුල් කරන එකමුතුවකි. එය සියලු ළමයින් වෙනුවෙන් වඩා හොඳ හෙටක් ළඟා කර දීම සඳහා, ළමයින්ට සවන් දීමට, අනුවර්තනය වීමට සහ ක්‍රියා කිරීමට ඇපකැප වී ඇති ළමයින්ගේ එකතුවකි. 2023 නොවැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ළමයින් එක්රැස් කරමින්, ඔවුන් වැඩකටයුතු සිදු කළ යුතු ආකාරය, ඔවුන්ට එකට එකතු විය හැකි ආකාරය සහ වැඩිහිටියන්ට ඔවුන්ගේ හඬට සවන් දී ඔවුන් කරනු ලබන කාර්යයන් ශක්තිමත් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ කථිකා කරගන්නා ලදී.

මෙම තෙදින තුළ, ළමයින් ඔවුන්ගේ හැකියාවන් වර්ධනයට ක්‍රියාකාරකම්වලට සහභාගී වූ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් දිරිමත් කරන ලදී. මීට අමතරව මීළඟ ජාතික ළමා සභාව තුළදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සහ ජාතික ප්‍රතිපත්ති මට්ට මේ සාකච්ඡාවලදී දරුවන්ගේ හඬ සහතික කිරීමේ වැදගත් ක්‍රම පිළිබඳව කතා කළහ.

මෙම වැඩසටහන ජාතික ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් WDC, LEADS, FISD,සහ SLU යන සිවිල් සමාජ සංවිධාන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතන වන World Vision, Save the Children Sri Lanka සහ UNICEF වැනි ආයතනවල සහයෝගීත්වයෙන් සංවිධානය කරන ලදි. බිම් මට්ටම, කලාපීය සහ ජාතික මට්ටමින් ළමා හා තරුණ හඬ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම මෙම හවුල්කාරිත්වය අවධාරණය කරයි.